CTS තෝරාගන්නේ ඇයි?
දේව වචනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට දෙවියන්වහන්සේ ඔබ පොළොඹවන සේක් ද? ජීවිතයේ අනේකවිධ සිඳුවීම් පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට ජීවත්වන වටාපිටාව ඔබ යොමු කරන්නේ ද? ක්‍රියාකාරී ලෙස සේවයේ යෙදෙන ඔබට දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ මෙහෙය පිළිබඳ ගැඹුරට යෑමට ආත්මයාණන් වහන්සේ පොළඹවන සේක ද?
දෙවියන්වහන්සේ පිළිබඳ මනා අවබෝධයක් ලබා උන්වහන්සේ කැඳවන ස්ථානයක දේව මෙහෙවරේ යෙදීමට සැදීපැහැදී සිටින කිතුනුවකු නම් කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය ඔබ සඳහා කදිම තෝතැන්නකි. කොළඹ දේවධර්ම ශාස්ත්රාලයේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ඔබට විවිධ නිකායන් නියෝජනය කරන සහෝදර ඇදහිලිවන්තයන් සමූහයක මිත්‍රශිලි සබඳතාවත්, දේව වචනයට හා දේව සෙනඟට කැප වූ විද්වත් ආචාර්ය මණ්ඩලයකින් ඉගෙන ගැනීමට හැකිය. පාවුල් තුමා පවසන පරිදී ඔබ “සැබෑවේ වචනය හරි ආකාර පහදා දෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තු වුණාවු කෙනෙක් මෙන් වෙන්ට” (2 තිමොති 2:15) කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය සුදුසුම ස්ථානයයි.
කොළඹ දේවධර්ම ශාස්ත්රාලයේ අපි ඔබ සාදරයෙන් පිළිගැනීමේ අපේක්ෂාවෙන් සිටින අතර, ඔබගේ දිවි ගමනේ කොටස් කරුවෙකු වීමට ලැබීම මහත් සතුටක් සේ සලකමු. තීරණයක් ගන්න. දියඹට පිහිනන්න. ගැඹුරටම යන්න.
CTS පාඨමාලා විස්තර
ශිෂ්‍යයන් කොළඹ දේවධර්ම ශාස්ත්රාලයේ පාඨමාලා හැදෑරීම සඳහා සාදරයෙන් පිළිගන්නා අතර අධ්‍යයන පාඨමාලා හැදෑරීම සඳහා අප ඔබ දිරිමත් කරන්නේ කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය වෙතින් ඔබට ලබාගත හැකි උපරිමය අත්කරගනු සඳහාය. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය විසින් පෙළ පහක අධ්‍යාපනයක් පිරිනමයි. ඒ සියල්ලම ආසියානු දේවවේදී සංගමය (ATA) විසින් පිළිගනු ලැබූ ඒවා වේ. ඔබට වඩාත් ගැළපෙන්නේ කුමන පාඨමාලාවදැයි කියවා අනාවරණය කරගන්න.
Certificate in Christian Studies: Children’s Ministry
Designed to equip effective Children’s Ministry Workers f
වැඩිදුර කියවන්න